මාර්ටින් වික්‍රමසිංහ | |
---|---|
උපත | ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ 1890 මැයි 29 |
මිය යාම | 1976 ජුලි 23 (වයස 86) |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
රැකියාව | ගත්කරු, ලේඛකයා |
සක්‍රීය වසර | 1914 - 1976 |
කලත්‍රයා(යන්) | කතලුවේ බාලගේ ප්‍රේමා ද සිල්වා |
දරුවන් | සරත් කුසුම් වික්‍රමසිංහ, වසන්ත කුමාර වික්‍රමසිංහ, රූපා මාලතී සපරමාදු, හිමන්ෂු රංග වික්‍රමසිංහ, ඌෂා ඒකනායක, ඌනි කුරුප්පු |
වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ (1890 මැයි 29 – 1976 ජුලි 23) ළමා හේවගේ දොන් බස්තියන් ද සිල්වා (පසුකාලීනව දොන් බස්තියන් වික්‍රමසිංහ යන නමින් හඳුන්වා තිබේ.)[1][2] සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි යන යුවලට දාව දස දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා ලෙස ශ්‍රී ලංකාවේ කොග්ගල ග්‍රාමයේ දී උපත ලැබීය. කොග්ගල ග්‍රාමය එක් පැත්තකින් ගල් පරයකින්ද, අනෙක් පසින් කොග්ගල ඔයේ අතු ගංගාවන් විශාල ප්‍රමාණයකින් එකතුවන ජල ප්‍රවාහය විසින් නිර්මාණය කළ විශාල වැවකින්ද සමන්විත විය.මුහුද කුඩා දුපත් වලින් සමන්විත වූ වැව ශාක හා සතුන් ද පසෙකින් වූ වන ගහනයෙන් ද සුසැදි භූ දර්ශන මෙන් ම ගම්මානයේ ජනතාවගේ වෙනස්වන ජීවන ක්‍රම සහ සංස්කෘතිය ඔහුගේ පසුකාලීන නිර්මාණ කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.
මුල් කාලය
වයස අවුරුදු පහේදී වික්‍රමසිංහ සිය නිවසේ දී සහ ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් සිංහල අකුරු උගත්තේ ය. ඔහු දේවනාගරී අක්‍ෂර ද උගත් අතර හිතෝපදේශයේ පරිච්ජේද කටපාඩමින් කිවහැකි විය. අවුරුදු දෙකකට පසු ඔහුව ගමේ පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහු 1897 දක්වා එහි අධ්‍යාපනය ලැබීය. අනතුරුව ඔහුව ගාල්ලේ ඉංග්‍රීසි පාසලක් වූ බොනවිස්ටා විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහි අධ්‍යාපනය ලැබූ වසර දෙක තුළ වික්‍රමසිංහ ඉංග්‍රීසි මෙන් ම ලතින් භාෂාව ද ව්‍යක්ත ලෙස හැසිරවීමට උගත්තේ ය. ඔහුගේ පියා මියයාමෙන් අනතුරුව ඔහු නැවතත් අහංගම පිහිටි සිංහල පාසලට ඇතුළත් කරනු ලැබූ අතර, එහි දී ඉගෙනීම කෙරෙහි වූ ඔහුගේ උනන්දුව වියැකී ගියේය.
නිර්මාණකරුවා සහ පුරෝගාමී විචාරකයා
වික්‍රමසිංහ සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ ලීලා (1914) නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි. ඒ කාළයේදීම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහල නැංවීම සඳහා වූ ව්‍යාපාරයක් ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1945) වැනි කෘතීන් තුලින් ඔහු උත්සාහ කළේ සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දියානු සහ බටහිර සාහිත්‍ය විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමෙන් නිර්මාණය කළ සාහිත්‍යමය මිනුම් දඬු යොදාගනිමින් තක්සේරු කිරීමයි.
1940 ගණන් පුරාවටම වික්‍රමසිංහ සාහිත්‍ය විචාරකයකුගේ භූමිකාව මෙන්ම නිර්මාණාත්මක රචකයෙකුගේ භූමිකාව ද ඉටු කළේය. අන්තර්ගතය සහ තාක්‍ෂණය අතින් නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව වන්නේ 1944 දී පළවූ වික්‍රමසිංහගේ ගම්පෙරළිය යි. නූතනත්වය වෙතින් එල්ලවන පීඩනය හමුවේ සාම්ප්‍රදායික ගම කඩාහැලෙන ආකාරය ඉන් නිරූපණය විය. ගමේ සාම්ප්‍රදායික ආර්ථික හා සමාජ ව්‍යුහය වාණිජකරණය වූ නගරය විසින් ක්‍රමයෙන් ආදේශ කරනු ලැබීම නිරූපණය කිරීම සඳහා දකුණේ ගමක සාර්ථක පවුලක කථාන්තරයක් යොදාගැනිණ.
වික්‍රමසිංහ විසින් පසුව ගම්පෙරළිය (1944), යුගාන්තය (1949) සහ කලියුගය (1957) තුන් ඈඳුතු නවකථාවක් නිර්මාණය කරනු ලැබිණ. සාම්ප්‍රදායික ජීවිතය ගරාවැටීමෙන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සාමාජ පිළිවෙළක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කෙරිණ.
50 දශකයේ මුල්භාගයේදී සාහිත්‍ය විචාරයේ වර්ධනයත් සමග වික්‍රමසිංහ, සාහිත්‍ය කලාව (1950) සහ කාව්‍ය විචාරය (1954) නම් කෘති දෙක රචනා කරන ලදී. වික්‍රමසිංහගේ විශිෂ්ඨතම කෘතිය වූ විරාගය 1956 දී ප්‍රකාශයට පත් කෙරිණ. එහි තේමාවේ සුවිශේෂීත්වය සහ එහි ශිල්ප ක්‍රමයේ සංකීර්ණත්වය හේතුකොටගෙන එය සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයේ විශිෂ්ඨතම නිර්මාණය ලෙසින් සැලකෙයි. සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩුණු සිංහල තරණයකු සමාජය නූතනකරණය වීම තුළ සංකීර්ණත්වයට පත්වූ වැඩිහිටි ජීවිතය සහ ඒ සමග එන වගකීම් හේතුවෙන් නිර්මාණය වන්නාවූ ගැටළු සහගත තත්වය ඉන් නිරූපිත ය. මෙහිදී කාලානුක්‍රමික පිළිවෙළකට නොව ප්‍රතිවීරයා විසින් ලියන ලද උපස්ථිතිවාදී ග්‍රන්ථාලංකාරයක් ලෙසින් ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයෙන් මෙම කෘතිය රචනා වී ඇත. මෙම කෘතියෙන් ඇතිවූ පෙළැඹුම මත විවිධ නවකථාකරුවන් අතින් මෙවැනි කෘතීන් රැසක් ම පසුව බිහිවූ නමුත් විරාගය ඒ සියල්ලට ම ඉහළින් විශිෂ්ඨ ස්ථානයක වැජඹෙයි.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය නිර්මාණ
ළමා සාහිත්‍ය
- බාලෝපදේශය (1903)
- උන්මාද චිත්‍රා (1929)
- උපාසකම්මා (1929)
- ගලිවරායණය (1932)
- රජවෙන්ට ගිය මහන්නා (1932)
- දඩුමොණරය (1932)
- රන්කෙදි කුමාරිකාව (1932)
- ඥානෝදය කතා (1991)
ජීව විද්‍යාව
- කුරුමිණි සත්තු (1929)
- කුරුකුහුඹු සත්තු (1930)
- වෙස් මාරුකරන සත්තු (1932)
- මුහුදු වෙරළ (1932)
- සත්ව ලෝකය (1936)
- විද්‍යා විනෝද කතා (1957)
පාඨශාලා පොත්
- ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය (1930)
- සදාචාරය හා නිරෝගී සම්පත (1931)
- පළාත් ආණ්ඩු (1933)
- ප්‍රජා පාලන ශික්ෂා (1938)
- සාහිත්‍ය ශික්ෂා - 02 (1938)
- සාහිත්‍ය ශික්ෂා - 03 (1939)
නවකතා
- ලීලා (1914)
- සෝමා (1922)
- අයිරාංගනි (1923)
- ශීතා (1923)
- මිරිගු දිය (1925)
- රෝහිණී (1929)
- ගම්පෙරළිය (1944)
- මඩොල් දූව (1947)
- යුගාන්තය (1949)
- විරාගය (1956)
- කලියුගය (1957)
- කරුවල ගෙදර (1963)
- බවතරණය (1973)
කෙටිකතා
- ගැහැනියක් (1924)
- මගුල් ගෙදර (1927)
- පව්කාරයාට ගල් ගැසීම (1936)
- අපේ විත්ති (1942)
- හද සාක්කි කීම (1945)
- මගේ කතාව (1947)
- බිල්ල සහ අපූරු මුහුණ (1949)
- වහල්ලු (1951)
- කතා අහුර (1955)
- තෝරාගත් කෙටිකතා (2009)
- රන් පිළිමය (2012)
- කෙටි කතා එකතුව ප්‍රථම භාගය (2013) (කෘති එකතු 1)
- කෙටි කතා එකතුව ද්විතීය භාගය (2014) (කෘති එකතු 2)
දෘෂ්‍ය කාව්‍ය
- චිත්‍රා (1940)
- මයුරී (1944)
- විජිතා (1953)
- විජිතා සහ තවත් නාටක (1953)
පද්‍ය කාව්‍ය
- තේරී ගී (1952)
ජීවිතය ඇසුරින්
- අපේ ගම
- උපන් දා සිට
- උපන්දා සිට බාල විය
විදේශ සංචාර
- සෝවියට් දේශයේ නැගීම (1962)
- නව චීනයේ පිඹිදීම (2006)
- ඉංදියාව ලංකාව හා නිදහස් සම්ප්‍රධාය (2018)
සාහිත්‍ය විචාර
- ශාස්ත්‍රීය ලේඛන (1919)
- සිංහල සාහිතෝයා්දය කතා (1932)
- විචාර ලිපි (1941)
- ගුත්තිල ගීතය (1943)
- සිංහල සාහිත්‍යයේ නැගීම (1945)
- සාහිත්‍ය කලාව (1950)
- කාව්‍ය විචාරය (1954)
- ඇත්ත යුත්ත (1955)
- බණ කතා සාහිත්‍ය (1955)
- නව පද්‍ය සිංහලය (1957)
- රසවාදය හා බෞද්ධ කාව්‍ය (1961)
- සිංහල විචාර මග (1964)
- නවකතාංග හා විරාගය (1965)
- ජාතක කතා විමසුම (1968)
- සිංහල නව කතාව හා ජපන් කාමකතා හෙවනැල්ල (1969)
- සිංහල නාටකය හා සද කිදුරුව (1970)
- සම්ප්‍රධාය හා විචාරය (1971)
- ව්‍යවහාර භාෂාව හා පරිණාම ධර්මය (1997)
- අපේ ළමා සාහිත්‍ය (2011)
- සිංහල සිනමා සිත්තම් (2012)
ජීව විද්‍යාත්මක ග්‍රන්ථ
- කුරුමිණි සත්තු (1929)
- කුරුකුහුඹු සත්තු (1930)
- වෙස් මාරුකරන සත්තු (1932)
- මුහුදු වෙරළ (1932)
- සත්ව ලෝකය (1936)
- විද්‍යා විනෝද කතා (1957)
පාඨශාලා පොත්
- ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය (1930)
- සදාචාරය හා නිරෝගී සම්පත (1931)
- පළාත් ආණ්ඩුව (1933)
- ප්‍රජා පාලන ශික්ෂා (1938)
- සාහිත්‍ය ශික්ෂා - 02 (1938)
- සාහිත්‍ය ශික්ෂා - 03 (1939)
මාර්ටින් වික්‍රමසිංහ කර්තෘ ධූරය දැරූ පුවත්පත් හා ධූරකාලය
- ලක්වැසියා පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1928 මාර්තු 07 සිට 1928 අප්‍රේල් 04 දක්වා)
- ලක්මිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1929 ජනවාරි 19 සිට 1931 ජූලි 30 දක්වා)
- සිළුමිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1934 අගෝස්තු 05 සිට 1937 මැයි 16 දක්වා)
- දිනමිණ පත්‍රයෙහි කර්තෘ ධූරය දැරූ කාලය (1937 මැයි 18 සිට 1944 නොවැම්බර් 14 දක්වා)
මාර්ටින් වික්‍රමසිංහ භාවිතා කළ ආරූඪ නම්
- හේතුවාදී
- හේතුදර්ශනවාදී
- විජිත මනුවර්ණ
- මයුරපාද
- සුසන්ත මනුවර්ණ
- මනුවර්ණ
- සුසන්ත
- පෑලදිගින්
- ජගත්ප්‍රිය
- හිතවාදී
- හේතුවාදියෙක්
0 Comments