ඔයාලා රස කරකර කන පොප්සිකල් මුලින්ම ලෝකෙට ආවෙ කොහොමද කියලා තමයි මේ කියන්න යන්නේ.


1905 වසරේදී San Francisco Bay Area ප්‍රෑන්ක් එපර්සන් කියන 11 හැවිරිදි දරුවා එයා සෙල්ලම් කරපු කෝටු කෑලි,සෝඩා පවුඩර්,ජලය ආදිය එළියෙන්ම තියලා රෑ නින්දට ගිහින් තියෙනවා.


ඉතින් ඒ රටවල්වල අපේ වගේ නෙවෙයිනේ.රෑට හරිම සීතලයි.ඒ සීතල නිසා මේ ළමයා සෙල්ලම් කරලා දාලා ගියපු දේවල් ඝන වෙලා තිබුනා.ආහාරයට වුනත් ගන්න පුළුවන් මට්ටමක තිබුනේ.ඉතින් වතුරයි,සෝඩයි නිසා එච්චරම ලොකු රසක් තිබුණේ නෑ.මුලින්ම මෙයාලා ඒකට කිව්වෙ Epsicle කියලා.


ඉතින් මේකත් එක්ක 1924 වර්ෂය පමණ වනවිට මේවාගෙ රසය වර්ණය වැඩිදියුණු කරලා අලුත් විදියකට Epsicle නිපදවන්න පටන් ගත්තා.ප්‍රෑන්ක් මේකට පේටන්ට් බලපත්‍රයකුත් ලබා ගත්තා.ඉතින් මේකෙන් එක එක විදියෙ ශීත ආහාර නිපදවන්න පුළුවන් වුනා.පස්සෙ ප්‍රෑන්ක්ගෙ දරුවන්ගේ ඉල්ලීමට අනුව මේවා පොප්සිකල් කියලා හඳුන්වන්න ගත්තා.


කවුද හිතුවේ පොඩි එකෙක්ගේ සෙල්ලමක් නිසා පොප්සිකල් හැදුනා කියලා.😂