ISS නිලබරණය | |
Station statistics | |
---|---|
සංඥා නාමය | ඇල්පා |
කාර්ය මණ්ඩලය | 7 Expedition 65 අණ දෙන නිළධාරී: අකිහිකෝ හොෂිඩේ (JAXA) |
ගුවන්ගත කිරීම | 1998 නොවැම්බර් 20 |
ගගන වේදිකාව | බයිකොනූර් කොස්මොඩ්‍රෝමය කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය |
ස්කන්ධය | 417,289 kg (919,965 lb) (as of 03/09/2011)[1] |
Length | 51 m (167.3 ft)[තහවුරු කරන්න] from PMA-2 to Zvezda |
Width | 109 m (357.5 ft)[තහවුරු කරන්න] along truss, arrays extended |
Height | c. 20 m (c. 66 ft) nadir–zenith, arrays forward–aft (27 November 2009)[needs update] |
Pressurised volume | 837 m3 (29,600 cu ft) (21 March 2011) |
වායුගෝලීය පීඩනය | 101.3 kPa (29.91 inHg, 1 atm) |
Periapsis altitude | 352 km (190 nmi) AMSL (21 March 2011) |
Apoapsis altitude | 355 km (192 nmi) AMSL (21 March 2011) |
කක්ෂීය ආනතිය | 51.6 degrees |
Orbital speed | 7,706.6 m/s (27,743.8 km/h, 17,239.2 mph) |
කක්ෂීය ආවර්තය | මිනිත්තු 91 |
කක්ෂයේ තිබූ දින ගණන | 8693 (8 සැප්තැම්බර්) |
විසුම් දින ගණන | 7980 (8 සැප්තැම්බර්) |
ආවර්ත | 136450 (8 සැප්තැම්බර්) |
Orbital decay | මාසයකට 2km බැගින් |
Statistics as of 2011 මාර්තු 9 References: [2][3][4][5][6][7] | |
Configuration | |
![]() න්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය හෝ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ඉංග්‍රීසි: International Space Station හෝ කෙටියෙන් ISS) යනු පහළ පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ
සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන්
කිලෝමීටර් 408 ක් (හැතැප්ම 253) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,580 ක
දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරයි.
ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (නාසා), රුසියාවේ (රොස්කොස්මොස්), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරෝපීය රටවල් විසිදෙකක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යාවකාශ ඒජන්සිය (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමඟ වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ.[8] එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලිය ද ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙනම ගිවිසුම් ඇති කරගෙන තිබේ. චීනය මේ සඳහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත. ISS යනු කලින් සැලසුම් කෙරුනු වෙනත් අභ්‍යවකාශ මධ්‍යස්ථාන නොකඩවා පවත්වාගෙන යාමක් බව දැක්විය හැකිය. රුසියාවේ මීර් 2, දරුණු ලෙස අරමුදල් හිඟයකට ලක්වුනු ඇමෙරිකානු ෆ්‍රීඩම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය, යුරෝපීය කොළම්බස් සහ කිබෝ මධ්‍යස්ථාන, ජපානයේ එක්ස්පරිමන්ට් මොඩියුල් මධ්‍යස්ථානය එවැනි මධ්‍යස්ථාන කීපයකි. ISS වෙත පළමුව නේවාසික කණ්ඩායමක් ඇතුළු වූ දිනයේ (2000 නොවැම්බර් 2) සිට නොකඩවා එය ජනයාගෙන් යුක්ත වූ බැවින් මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථිර පදිංචි කරුවන් බවට පත්ව ඇත. වර්තමානයේ දී මෙහි ඉඩපහසුකම් ඇත්තේ හයදෙනෙකුගේ කණ්ඩායමකටය. මුල් කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනා පැමිණීයේ රුසියාවෙන් සහ ඇමෙරිකාවෙනි. 2006 ජුලි මාසයේ දී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරීමට රටවල් 16 ක ගගනගාමීන්ට හැකිවී තිබේ. ප්‍රථම අභ්‍යවකාශ සංචාරයකින් පස් දෙනාගේ ද චාරිකා අන්තය වුයේ ISS ය. මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සෝයූස් සහ ප්‍රොග්‍රස් අභ්‍යාවකාශ යානා මඟිනි. 2008 වසරේ මාර්තු 9 වනදා ESA මඟින් ඇරියෙන් 5 සමඟ පළමු ස්වයංක්‍රීය හුවමාරු වාහනය (Automatic transfer Vehicle) වන ජුල්ස් වර්න් ATV වාහනය කිලෝග්‍රෑම් 8000 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමඟ ISS කරා ගුවන් ගත කෙරුනි. 2008 අප්‍රේල් 3 වනදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බව වාර්තා වේ. ආරම්භයේ සිට 2010 දක්වා ISS සඳහා වැය වී ඇති මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 150 ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නගා ඇති මිල අධිකම වස්තුව ISS වේ. |
0 Comments